බැටළු පැටව් වගේ
අහස පුරා අගේ
පුළුන් වගේ සුදේ
ඇදී යන්නේ සුළං සැරේ

නිල් අහසට යටින්
මහ පොලවට උඩින්
ඈත අහසෙ සැරිසන්නේ
සුදට සුදේ වළාකුලේ

සඳ පායා එන අහසට
මුවා කරන සඳ පොළවට
ගෙනදෙයි කළුවර එකවර
වලාකුලේ සුදු වළාකුලේ

තරු දිදුලන රෑ අහසට
වළාකුලක් පාවී ගොස්
තරු හංගයි මුවාවෙන්ට
පුදුමයිනේ වළාකුලේ

කළු වලාව පාවීගෙන
එයි හැමතැන කළුකරගෙන
බිංදු බිංදු වතුර වැටෙන
මහ වැසි ගෙනදෙයි පොළවට

Lyrics by Pushpa Premawathi (My mom 💖🥰)
AI & Video by Anthony Morningstar